සෙනසුන

 රණ්‍යවාසී ලොකුස්වාමීන් වහන්සේ නමකගේ මගපෙන්වීම යටතේ බටලීය ප්‍රදේශයේ පදිංචි පින්වත් මහත්මයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට අනුව 2019 වර්ශයේ වස් කාලයේදී පටන් බෝලන්කන්ද තපෝඅරණ වනවාසී සෙනසුනක් ලෙසින් පවත්වාගෙන යයි. 

ප්‍රදේශයේ පිනැතියන්ගේ සාදර අනුග්‍රහය හා දහඩිය මහන්සියෙන් ඇරඹි මෙම ස්ථානය වෙනුවෙන් පසුව තවත් ඉඩම් කැබලි සැදැහෙන් පූජා කිරීම සිදු විය.වනවාසී සෙනසුනක ලොකු ස්වාමීන් වහන්සේ යොමුකල දායක පිරිස් සෙනනසුන ගොඩනැංවීම සදහා දායකත්වයද දරති.

නිහඩ පරිසරයක පිහිටි සෙනසුනේ, මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදිකතෘ අපවත් වී වදාළ අතිපූජනීය අම්පිටියේ මංගල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වැඩවෙසෙති. පසලොස්වක පොහොය දිනයන් හිදී භාවනාවට රුචිකත්වයක් දක්වන පිරිස් සීල සමාදානයට පැමිණේ. මීට අමතරව භාවනා උපදෙස් ලබාදීම සහ ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වේ.

සතිමත් බව දියුණු කිරීම තුළින් ආධ්‍යාත්මික මෙන්ම සාමාජීය සංවර්ධනයක් ඇතිකිරීම මෙම සෙනසුනහි ප්‍රධාන පරමාර්ථයයි.